යාලුවනේ අද කියල දෙන්න යන්නේ android App එකක් ගැන නම් නෙවෙයි. පුංචි Hardwere පැත්තක් කියල දෙන්න හිතුනා . අපිට හදිස්සියකදී phone එක charge කර ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි අද මම කියන්නේ . මේක පුංචි chager එකක් එහෙමත් නැත්තම් පුංචි powerbank එකක් කියලත් කියන්න පුළුවන්. හරි අද අපි හදන්න යන්නේ 9V Battry එකක් භාවිතයෙන් අපේ phone එකට පුංචි chager එකක්. අපිට මේක හදන්න මෙන්න මේවා ඕන වෙනවා. 9V Battry -1 9V Battry Conecter -1 5.1V Zenar Diode -1
USB Female Port -1 300Ω Resister -1 USB Cable -1 මේක හදන්න හරිම ලේසියි. මේ පියවර කිහිපය අනුගමනය කරන්නකෝ.
1.
USB
Female Port එක අරගෙන pin උඩට පිහිටන ලෙස
තියාගන්න(රුපයේ පරිදි). දැන් වම් අත පැත්තේ තියන Pin එකට Zenar Diode එකේ ධන
(+) අග්‍රයත් , දකුණු පැත්තේ ඇති Pin
එකට ඍන (-) අග්‍රයත් පාස්සන්න.
2. දැන් USB Female Port එකේ දකුණු Pin එකට Resister එකේ එක් අග්‍රයක් ද පාස්සන්න.
3. Resister එකේ ඉතිරි අග්‍රය 9V Battry Conecter එකෙහි + අග්‍රය ( රතු වයරයට ) පාස්සන්න.
4. 9V Battry Conecter එකේ - අග්‍රය (කළු වයරය ) USB Female Port එකෙ වම් පස Pin එකට පාස්සන්න.
දැන් හරි ඔක්කොම වැඩ . අපි මේක වැඩද කියල බලමුකෝ එහෙනම්..........
දැන් USB Female Port එකට ඔයාගේ Data Cable එක Conect
කරලා phone එකට Conect කරන්න 9V Battry Conecter එකෙට දැන් 9V
Battry එක Set කරන්න. ඔන්න
phone එක charge වනවා ඔයාලටම බලාගන්න පුළුවන් වෙයි. වැඩි
දුර දැනගැනීමට :-සාමාන්‍යයෙන්
phone එකක් charge වීමට 5.1V පමණ Voltage
එකක් අවශ්‍ය වෙනවා . මෙහි අප භාවිත කරන 5.1V Zenar Diode එක මගින් 9Vඑක 5V දක්වා අඩු කරනවා.මෙය
සිදුවීමේදී Zenar Diode එක රත් වෙන ව එක සාමාන්‍ය දෙයක්.මෙහි
පැසසුම්වලදී අනෙක් අග්‍ර වලට short නොවන ලෙස පාස්සන්න
5.1 Zenar Diode |
USB Female Port |
ඔයාලත් මේක හදලා ඔයාලගේ අදහස් යෝජනා අපිට කියන්නකෝ එහෙනම්.... මේ වගේ තවත් දෙවල් දැන ගන්න ආසනම් අපේ facebook page එකට like කරන්න
ඔබේ ගැටළු අපිට ඉදිරිපත් කරන්න . අපගේ email ලිපිනය
2 comments:
Ela ela
Thank you comment kalata yaluwa
Post a Comment