විශේෂාංග

Friday, August 22, 2014

අපිටම කියල පුංචි chager එකක් හදාගමු




යාලුවනේ අද කියල දෙන්න යන්නේ android App එකක් ගැන නම් නෙවෙයි. පුංචි Hardwere  පැත්තක් කියල දෙන්න හිතුනා . අපිට හදිස්සියකදී phone එක charge කර ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි අද මම කියන්නේ . මේක පුංචි chager එකක් එහෙමත් නැත්තම් පුංචි powerbank එකක් කියලත් කියන්න පුළුවන්.        හරි අද අපි හදන්න යන්නේ 9V Battry එකක් භාවිතයෙන් අපේ phone එකට පුංචි chager එකක්. අපිට මේක හදන්න මෙන්න මේවා ඕන වෙනවා.        9V Battry              -1        9V Battry Conecter   -1        5.1V Zenar Diode      -1

        USB Female Port      -1        300Ω  Resister         -1        USB Cable            -1       මේක හදන්න හරිම ලේසියි. මේ පියවර කිහිපය අනුගමනය කරන්නකෝ.

1.     USB Female Port  එක අරගෙන pin උඩට පිහිටන ලෙස තියාගන්න(රුපයේ පරිදි). දැන් වම් අත පැත්තේ තියන Pin  එකට Zenar Diode  එකේ ධන  (+) අග්‍රයත් , දකුණු පැත්තේ ඇති Pin  එකට ඍන (-) අග්‍රයත් පාස්සන්න.

2.    දැන් USB Female Port  එකේ දකුණු Pin එකට Resister එකේ එක් අග්‍රයක් ද පාස්සන්න.

3.    Resister එකේ ඉතිරි අග්‍රය 9V Battry Conecter  එකෙහි  + අග්‍රය ( රතු වයරයට ) පාස්සන්න.

4.    9V Battry Conecter  එකේ - අග්‍රය (කළු වයරය ) USB Female Port එකෙ වම් පස  Pin එකට පාස්සන්න.

දැන් හරි ඔක්කොම වැඩ . අපි මේක වැඩද කියල බලමුකෝ එහෙනම්..........

     
   දැන් USB Female Port  එකට ඔයාගේ Data Cable  එක Conect  කරලා phone එකට Conect  කරන්න        9V Battry Conecter එකෙට දැන් 9V Battry  එක Set කරන්න. ඔන්න phone එක charge වනවා ඔයාලටම බලාගන්න පුළුවන් වෙයි. වැඩි දුර දැනගැනීමට :-සාමාන්‍යයෙන් phone එකක් charge වීමට 5.1V පමණ Voltage  එකක් අවශ්‍ය වෙනවා . මෙහි අප භාවිත කරන 5.1V Zenar Diode  එක මගින් 9Vඑක 5V දක්වා අඩු කරනවා.මෙය සිදුවීමේදී  Zenar Diode  එක රත් වෙන ව එක සාමාන්‍ය දෙයක්.මෙහි පැසසුම්වලදී අනෙක් අග්‍ර වලට short නොවන ලෙස පාස්සන්න

5.1  Zenar Diode

USB Female Port

 ඔයාලත් මේක හදලා ඔයාලගේ අදහස් යෝජනා අපිට කියන්නකෝ එහෙනම්.... මේ වගේ තවත් දෙවල් දැන ගන්න ආසනම් අපේ facebook page එකට like කරන්න
  
ඔබේ ගැටළු අපිට ඉදිරිපත් කරන්න . අපගේ email ලිපිනය

2 comments: