Wednesday, May 7, 2014

සිංහල අව්ලක් නැතිව හරියට Type කරන්න බැරි එකට විසදුමක්




"ඔන්න Phone එකට සිංහලනම් දාගත්තා කියමුකෝ . ඒත් හත් ඉලව්වේ කොම්බුව එහෙම අකුරට පස්සෙන්නෙ එන්නේ. " මේක ඉගුරු පාන් එක තියන අයට ලොකු ප්‍රශ්නයක් . සමහර Phone වලට විතරයි මේ අව්ල තියෙන්නේ. Internet යද්දිනම් ඔන්න UC Browser එක පාවිච්චි කරලා සුපිරියට සිංහල කියනවන්න පුලුවන්. (දන්නේ නැත්තම් මෙතනින් බලන්නකෝ) එතකොටනම් අපූරුවට සින්හල Type වෙනවා. ඒත් Phone එකේ සිංහල Type කරද්දී මෙන්න මේ වගේ නේද?






හරි ඔන්න ඒකට මම විසදුමක් හොයා ගත්තා. මේක මම හොයා ගත්තේ දැනට මාස 6-7කට කලිනුයි. මේ වැඩෙට කට්ටිය අකමැතිවෙයි කියලයි කියන්න මැලි වුනේ.

මේකට ඔtයාලගේ Phone එකට සිංහල දාල තියන්නනම් ඔනී.

මේක හරිම සිම්පල් දෙයක් . හ‍රි ඉස්සල්ලම මේ 2Download කරගන්නකෝ.
මෙන්න මෙහෙමයි කරන්න ඔනී.

1.     දැන් Download කරපු App 2 Install කරන්න
MultilingOKeyBoard.apk 
MyAlpha.apk 


2.    දැන් Install කරපුවගෙන් O Keyboard App එක Open කරලා පිීවෙලින් ඒකේ තියන 2හා   3 පියවර සිදු කරන්න.



3.දැන් App එක පල්ලහාම තියන Test කියන කොටසට යන්න


ඔයාගෙ අලුත් Keyboad එක ඔයාට පෙනෙයි.



 දැන් Space Bar එක තද කරගෙන ඉන්න. දැන් එන window එකේ Lanuages කියලා ටබ් එකක් තියනව . එක අතුලට යන්න. එතකොට මෙන්න මේ වගේ එකක් පෙන්නයි.




මේකෙන් South Asian කියන tab එක තෝ‍රලා ඒක පල්ලහාම තියන "සිංහල" කියන එක තොරන්න.




















ඔන්න දැන් හරි වැඩේ

මේ Keyboad එක අපි PC වල භාවිතා කරන සිංහල Key board එක විදියමයි.ඒ හින්දා ටිකක් එපා වෙන්නත් පුලුවන්.මෙන්න මේ KeyBoard එකෙන් type කරපුවාම එන විදිය.

මේ ටිකත් මතක තියා ගන්නකෝ

* මෙම Keyboard එක පාවිච්චී කරලා Internet එකේ සිංහල Type කලොත්. මෙන්න මේ වගේ වැටෙන්නේ. Phone එකේ සිංහල Massage යවනකොට සිංහලින් මොකක් හරි කරනකොට මේ Keyboard එක පාවිච්චි කරන්න පුලුවන්.

*Keyboard එකේ Background එක තමන්ට අවශ්‍ය පරිදී සකසා ගැනීමේ හැකියාව තියනවා

*ලෝකයේ භාවිතා වන සියලුව භාශා මෙම Keyboard එක තුල අන්තර්ගත වෙනවා.



අවසාන වශයෙන් කියන්න ඕනී මෙය හුදෙක් වූ Type කිරීම සදහා වෙන් වූ Keyboad එකක් පමනී.Phone එකේ අනෙක් තැන් වල සිංහල දෝශය මගහ‍රව ගැනීමට මෙය පිටුවහලක් වෙනවා. නමුත් 100%ක්ම සාර්තකව දෝශය නිවැරදි වන්නේ නෑ. අපී ඒකටත් විසදුමක් ලගදීම ඉදිරිපත් කරන්න බලන් ඉනනවා






Like Us On Facebook
www.facebook.com/ndroidz


Sunday, May 4, 2014

Screen එක off කරන්න නියම shortcut එකක්





ඔන්න අදත් මම ඔයාලගේ ෆෝන් එකේ ආයු කාලය වෙඩි කරගන්න පුළුවන් පුංචි app එකක් ගෙනවා. 

අපේ ෆෝන් එකේ screen එක හැම වෙලාවේම off කරන්නේ power button එක ඔබලානේ . ඉතින් ටික කාලයක් යනකොට power button එක අවුල් යන්න ගන්නවා. ඒ කියන්නේ button එක වැඩ කරන්නේ නැතිව යනවා. එකෙන් අන්තිමට වෙන්නේ අපේ ෆෝන් එකේ ආයු කාලය ටිකකින් හෝ අඩු වෙන එකයි .
ඉතින් මේකට සාර්ථක විකල්පයක් විදියට අද මම පෙන්නන මේ app එක ගොඩක් උදවු වෙනවා

හරි මෙන්න app එක ගන්නකො


හරි app එක install කරලා බලන්නකෝ හොදයිද කියල .....