Friday, September 26, 2014

ANDOID තියද්දීම තවත් OS එකක් Run කරවමු





ඔන්න යාලුවනේ අද මම කියන්න යන්නේ අපේ phone එකට vartual එහෙනත් නැත්තම් android තියද්දීම තවත් OS එකක් Run කරන විදිය කියල දෙන්නයි.අපිට Debian, Ubuntu , Arch Linux , Fedora , openSUSE , Kali Linux වැනි OS දාගන්න පුළුවන්. මෙකදී මම ඔයාලට පෙන්නන්නේ Kali Linux කියන OS එක දාන විදියයි. හෙබෙයි මේකට 4.3GB  වගේ free space එකක් sd card එකේ අඩුම වශයෙන් ඕන කරනවා . Linux Deploy වලට phone එක root කිරීම අනිවාර්ය බැවින් ඔයාලගේ phone එක root කරලම තියන්න ඕනි මේ වැඩේට.

මුලින්ම මේ app දෙක  Play Store එකෙන් Download කරන්නකෝ




         Linux Deploy


              Android VNC 








දැන් download කරපු Lunux Deploy App එක open කරලා  පහල කෙලවරේ තියන Icon ඔබන්න




දැන් එක menu එකෙන් Distribution කියන එකට ගිහින් Kali Linux කියන එක තෝරන්න




ඊට පස්සේ පහලට ගිහින්  ඔයාගේ phone එකේ Resulution තියන විදියට  Widith & Height හදන්න. ( මේ Resulution හදන එකෙන් තමයි අපි run කරන OS එකේ Size එක display එකට සෙට් වෙන්නේ)




හරි දැන් උඩටම ගිහින් Install  කියන එක තෝරලා ok කරන්න




දැන් ඔයාගේ phone එකට OS එකේ image File එකක් Download වෙනවා. මේක 2 GB -4 GB    අතර Download වෙනවා.
 මුලින්ම මේ සොෆ්ට්වරේ එකෙන් 4 GB image එකක් Create කරනවා ඊට පස්සේ තමයි Download වෙන්නේ
( ඔයාගේ sd card එක Fat32 format එකේ තියන්න ඕනි.  4095MB වගේ ප්‍රමාණයක් Download වෙනවා )



මේක Download වුනාට පස්සේ පහල දකුණු කෙලවරේ තියන මේ Icon එක click කරලා Reconfigure  තෝරලා OK කරන්න.




එකත් Run වෙලා ඉවර උනාම Start කියන එක දෙන්න

දැන් අපි Download  කරපු ANdroid VNC app එක open කරන්න.

එකට මේ විදියට setting හදන්න
  • Nick name       : Linux  
  • Password       :- changeme 
  • Port              :-5900
  • Color Format :-   24bit color


ඊටපස්සේ Connect කරන්න.

හරි දැන් ඔයාලට පුළුවන් phone එකේ  kali linux පාවිච්චි කරන්න




Kali Linux Shutdown  කරන්න ඕනි නම් කරන්න ඕනි අපහු Linux Doploy එකට ගිහින් Stop  කියන එක දෙන්න විතරයි .

අපිට  KaliLinux යොදාගෙන  WPA/WPA2 WiFi Hostport  Hack කරන්න පුළුවන්. මේක තමයි අපට තියන ලොකුම වාසිය මේකෙන් තවත් දේවල් තියනවා . මම මේක කරන්නේ කොහොමද කියල ඉදිරියේදී කියන්නකෝ


 එහෙනම් ඔයාලත් උත්සහ කරන්නකෝ අව්ලක් තිබ්බොත් කියන්නකෝ එහෙනම්.

,



මේ වගේ දේවල් දැනගන්න අපේ facebook page එකට like කරන්න 



Friday, August 22, 2014

අපිටම කියල පුංචි chager එකක් හදාගමු




යාලුවනේ අද කියල දෙන්න යන්නේ android App එකක් ගැන නම් නෙවෙයි. පුංචි Hardwere  පැත්තක් කියල දෙන්න හිතුනා . අපිට හදිස්සියකදී phone එක charge කර ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි අද මම කියන්නේ . මේක පුංචි chager එකක් එහෙමත් නැත්තම් පුංචි powerbank එකක් කියලත් කියන්න පුළුවන්.        හරි අද අපි හදන්න යන්නේ 9V Battry එකක් භාවිතයෙන් අපේ phone එකට පුංචි chager එකක්. අපිට මේක හදන්න මෙන්න මේවා ඕන වෙනවා.        9V Battry              -1        9V Battry Conecter   -1        5.1V Zenar Diode      -1

        USB Female Port      -1        300Ω  Resister         -1        USB Cable            -1       මේක හදන්න හරිම ලේසියි. මේ පියවර කිහිපය අනුගමනය කරන්නකෝ.

1.     USB Female Port  එක අරගෙන pin උඩට පිහිටන ලෙස තියාගන්න(රුපයේ පරිදි). දැන් වම් අත පැත්තේ තියන Pin  එකට Zenar Diode  එකේ ධන  (+) අග්‍රයත් , දකුණු පැත්තේ ඇති Pin  එකට ඍන (-) අග්‍රයත් පාස්සන්න.

2.    දැන් USB Female Port  එකේ දකුණු Pin එකට Resister එකේ එක් අග්‍රයක් ද පාස්සන්න.

3.    Resister එකේ ඉතිරි අග්‍රය 9V Battry Conecter  එකෙහි  + අග්‍රය ( රතු වයරයට ) පාස්සන්න.

4.    9V Battry Conecter  එකේ - අග්‍රය (කළු වයරය ) USB Female Port එකෙ වම් පස  Pin එකට පාස්සන්න.

දැන් හරි ඔක්කොම වැඩ . අපි මේක වැඩද කියල බලමුකෝ එහෙනම්..........

     
   දැන් USB Female Port  එකට ඔයාගේ Data Cable  එක Conect  කරලා phone එකට Conect  කරන්න        9V Battry Conecter එකෙට දැන් 9V Battry  එක Set කරන්න. ඔන්න phone එක charge වනවා ඔයාලටම බලාගන්න පුළුවන් වෙයි. වැඩි දුර දැනගැනීමට :-සාමාන්‍යයෙන් phone එකක් charge වීමට 5.1V පමණ Voltage  එකක් අවශ්‍ය වෙනවා . මෙහි අප භාවිත කරන 5.1V Zenar Diode  එක මගින් 9Vඑක 5V දක්වා අඩු කරනවා.මෙය සිදුවීමේදී  Zenar Diode  එක රත් වෙන ව එක සාමාන්‍ය දෙයක්.මෙහි පැසසුම්වලදී අනෙක් අග්‍ර වලට short නොවන ලෙස පාස්සන්න

5.1  Zenar Diode

USB Female Port

 ඔයාලත් මේක හදලා ඔයාලගේ අදහස් යෝජනා අපිට කියන්නකෝ එහෙනම්.... මේ වගේ තවත් දෙවල් දැන ගන්න ආසනම් අපේ facebook page එකට like කරන්න
  
ඔබේ ගැටළු අපිට ඉදිරිපත් කරන්න . අපගේ email ලිපිනය

Thursday, August 21, 2014

Android phone එකෙන් Subtitle හදමු




යාලුවනේ ඔන්න අදත් මම  පොඩි වැඩ කෑල්ලක් අරගෙන අවා . අද මම කියල දෙන්න යන්නේ  උපසිරස කොහොමද අපේ phone එකෙන්ම හදා ගන්නේ කියල. මේක ලේසි වැඩක්. හැබැයි ඉතින් හොද ඉවසීමක් තියන්න ඕනි මොකද උපසිරස හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි .  ඒ වුනාට කරන්න ඕනි දේ හරිම සරලයි මෙන්න එහෙනම් දැනගන්නකෝ මේ ක්‍රමය.

·         මුලින්ම ඔයාලට ES Explorer  එක play store  එකෙන් Download කරලා install කරගන්න.



·         දැන් මේ install කරපු  ES Explorer එක open කරන්න.

·         ඊළගට new text file එකක් පහල තියන විදියට ගිහින් හදන්න.
          New > File > Text



·         දැන් ඔයාලට එකේ type කරන්න පුළුවන් විදියට එනවා.
·        
එකේ මෙන්න මේ විදියට ඉස්සල්ලම type කරන්න

  1
   00:01:20,817 --> 00:01:34,042




  •    මෙහි ඔබට උපසිරස ආරම්භ විය යුතු ස්ථානය මුලින්මත්(00:01:20)  අවසන් විය යුතු ස්ථානය දෙවනුවත් (00:01:34) යෙදිය යුතුයි
  •    එසේ යෙදීමේදී පිලිවෙලින් පැය:මිනිත්තු:තත්පර ,මිනිතත්පර  ලෙස සටහන් විය යුතුය.
  •    කාල ප්‍රාන්තරය අතර ඇති --> ලකුණ අනිවාර්යෙන්ම තිබිය යුතුය
·         උපසිරස ගැන්වීමේදී අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙන code කිහිපයක් පහත දැක්වෙනවා
·          
·         උපසිරස යන විට එහි පාට වෙනස් කිරීමට පහල තියන code එකෙන් පුළුවන්

  <font color=" අකුරු වල පාට"></font>

·         අකුරු වල ප්‍රමාණය වෙනස් කරන්න ඕනිනම්

    <font size=අකුරු වල ප්‍රමාණය>උපසිරස ගැන්විය යුතු කොටස</font>  

·         අකුරු bold කරන්න අවශ්‍යනම්

   <b> උපසිරස ගැන්විය යුතු කොටස </b>

·         අකුරු Italink කිරීමට අවශ්‍යනම්

  <i> උපසිරස ගැන්විය යුතු කොටස</i>


·         මෙලෙස ඊලග  කාල පරිච්චේදය තුල උපසිරස ගැන වීමේදී  2 යොදා ආරම්භ කලයුතුයි. පහත තියන උපසිරස ගෙන්වූ කොටසින් යාලුවන්ට මම කියපු දේ තේරුම් ගන්න ලේසි වෙයි කියල මම හිතනවා.



·       
  අන්තිමටම අපි හදපු එක save කරන්න ඕනි එකෙට පහල තියන විදියට කරන්න .
·         save කරන නමට ඔයාට subtitle දාන්න ඕනි වීඩියෝවේ නමම යොදා අවසානයට .srt ලෙස save කරන්න






හරි එහෙනම් ඔන්න ඔයාලගේ android phone එක යොදාගෙන උපසිරස ගන්වන ඔයාලටත් දැන් පුළුවන්

අපේ බ්ලොග් අඩවියේ අලුත්ම තොරතුරු දැන ගන්න අපේ facebook page එකට like කරන්න


ඔබගේ ගැටළු අපවෙත ඉදිර්රිපත් කරන්න අපගේ e-mail ලිපිනය


Wednesday, May 7, 2014

සිංහල අව්ලක් නැතිව හරියට Type කරන්න බැරි එකට විසදුමක්




"ඔන්න Phone එකට සිංහලනම් දාගත්තා කියමුකෝ . ඒත් හත් ඉලව්වේ කොම්බුව එහෙම අකුරට පස්සෙන්නෙ එන්නේ. " මේක ඉගුරු පාන් එක තියන අයට ලොකු ප්‍රශ්නයක් . සමහර Phone වලට විතරයි මේ අව්ල තියෙන්නේ. Internet යද්දිනම් ඔන්න UC Browser එක පාවිච්චි කරලා සුපිරියට සිංහල කියනවන්න පුලුවන්. (දන්නේ නැත්තම් මෙතනින් බලන්නකෝ) එතකොටනම් අපූරුවට සින්හල Type වෙනවා. ඒත් Phone එකේ සිංහල Type කරද්දී මෙන්න මේ වගේ නේද?






හරි ඔන්න ඒකට මම විසදුමක් හොයා ගත්තා. මේක මම හොයා ගත්තේ දැනට මාස 6-7කට කලිනුයි. මේ වැඩෙට කට්ටිය අකමැතිවෙයි කියලයි කියන්න මැලි වුනේ.

මේකට ඔtයාලගේ Phone එකට සිංහල දාල තියන්නනම් ඔනී.

මේක හරිම සිම්පල් දෙයක් . හ‍රි ඉස්සල්ලම මේ 2Download කරගන්නකෝ.
මෙන්න මෙහෙමයි කරන්න ඔනී.

1.     දැන් Download කරපු App 2 Install කරන්න
MultilingOKeyBoard.apk 
MyAlpha.apk 


2.    දැන් Install කරපුවගෙන් O Keyboard App එක Open කරලා පිීවෙලින් ඒකේ තියන 2හා   3 පියවර සිදු කරන්න.



3.දැන් App එක පල්ලහාම තියන Test කියන කොටසට යන්න


ඔයාගෙ අලුත් Keyboad එක ඔයාට පෙනෙයි.



 දැන් Space Bar එක තද කරගෙන ඉන්න. දැන් එන window එකේ Lanuages කියලා ටබ් එකක් තියනව . එක අතුලට යන්න. එතකොට මෙන්න මේ වගේ එකක් පෙන්නයි.




මේකෙන් South Asian කියන tab එක තෝ‍රලා ඒක පල්ලහාම තියන "සිංහල" කියන එක තොරන්න.




















ඔන්න දැන් හරි වැඩේ

මේ Keyboad එක අපි PC වල භාවිතා කරන සිංහල Key board එක විදියමයි.ඒ හින්දා ටිකක් එපා වෙන්නත් පුලුවන්.මෙන්න මේ KeyBoard එකෙන් type කරපුවාම එන විදිය.

මේ ටිකත් මතක තියා ගන්නකෝ

* මෙම Keyboard එක පාවිච්චී කරලා Internet එකේ සිංහල Type කලොත්. මෙන්න මේ වගේ වැටෙන්නේ. Phone එකේ සිංහල Massage යවනකොට සිංහලින් මොකක් හරි කරනකොට මේ Keyboard එක පාවිච්චි කරන්න පුලුවන්.

*Keyboard එකේ Background එක තමන්ට අවශ්‍ය පරිදී සකසා ගැනීමේ හැකියාව තියනවා

*ලෝකයේ භාවිතා වන සියලුව භාශා මෙම Keyboard එක තුල අන්තර්ගත වෙනවා.



අවසාන වශයෙන් කියන්න ඕනී මෙය හුදෙක් වූ Type කිරීම සදහා වෙන් වූ Keyboad එකක් පමනී.Phone එකේ අනෙක් තැන් වල සිංහල දෝශය මගහ‍රව ගැනීමට මෙය පිටුවහලක් වෙනවා. නමුත් 100%ක්ම සාර්තකව දෝශය නිවැරදි වන්නේ නෑ. අපී ඒකටත් විසදුමක් ලගදීම ඉදිරිපත් කරන්න බලන් ඉනනවා






Like Us On Facebook
www.facebook.com/ndroidz


Sunday, May 4, 2014

Screen එක off කරන්න නියම shortcut එකක්





ඔන්න අදත් මම ඔයාලගේ ෆෝන් එකේ ආයු කාලය වෙඩි කරගන්න පුළුවන් පුංචි app එකක් ගෙනවා. 

අපේ ෆෝන් එකේ screen එක හැම වෙලාවේම off කරන්නේ power button එක ඔබලානේ . ඉතින් ටික කාලයක් යනකොට power button එක අවුල් යන්න ගන්නවා. ඒ කියන්නේ button එක වැඩ කරන්නේ නැතිව යනවා. එකෙන් අන්තිමට වෙන්නේ අපේ ෆෝන් එකේ ආයු කාලය ටිකකින් හෝ අඩු වෙන එකයි .
ඉතින් මේකට සාර්ථක විකල්පයක් විදියට අද මම පෙන්නන මේ app එක ගොඩක් උදවු වෙනවා

හරි මෙන්න app එක ගන්නකො


හරි app එක install කරලා බලන්නකෝ හොදයිද කියල .....



Tuesday, April 29, 2014

එපා වුන iskoolapotha font එක වෙනුවට අලුත් font එකක්



ඔන්න යාලුවනේ අද මම ගෙනවා ඔයාල ආස කරන දෙයක්.යන්නේ  ඔයාල මේකටනම් කැමති වෙනවා අනිවාර්යෙන්ම . iskoolapotha font එකින් සිංහල කියවන්න  එපා වෙලාද.....?  මම අද කියන්න යන්නේ එකට විසදුමක් ගැනයි..

අපි iskoolapotha font එක අමතක කරන්න හොද නැ මොකද එකේ මේකට වේද ටිකක් දියුණුයි. හරි ඒවා ගණන් ගන්න එපා . මෙන්න font එක 
හරි මෙන්න මේ font එක දාල තමයි වැඩේ කරන්න තියන්නේ 
මෙතන තියන font එකයි root browser එකයි ඉක්මනට බාගත කරගන්නකො

DroidSansFallback.ttf  (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ  තියන Skip AD click කරන්න)

 Rootbrowser.apk (තත්පර 5 කට පස්සේ උඩ දකුණු පැත්තේ  තියන Skip AD click කරන්න)



මේ ෆොන්ට් එකත් Try ක‍රලා බලන්නකෝ new sinhala font (Link එක click කරලා තත්පර 5ක් ඉදල ඉහල දකුණු කෙලවරේ තියන Skip AD click කරන්න )
මේ font එකනම් Rename කරන්න මෙන්න මේ විදියට " DroidSansFallback.ttf"

  •  දැන් root browser එක install කරන්න  
  • root browser එක දැන් open කරන්න   
  •  ඊට පස්සේ ඔයා බාගත කල  DroidSansFallback.ttf   font එක copy කරගන්න 
  • ඊට පස්සේ  system > font කියන තැනට ගිහින් paste කරන්න
    හරි දැන් අපි permition හදමු
    දැන් replace කරපු fileඑක උඩ press කරගෙන ඉදලා permiton කියන එක click කරලා පහල තියන විදියට permition හදන්න.
  • දැන් ඉතින් restart කරන්න  
දැන් සිංහල වැඩ කරනවා හොදට නේද ....?
අව්ලක් තිබ්බොත් කියන්නකෝ
ඔන්න මේ පින්තුරත් උදව් වෙයි මේ වැඩේට






මේ විදියට permition හදලා save කරන්න





එක ලස්සනයි iskoolapotha font එකට වඩා . ඇත සමහර තෙන් වෙලා ඉංග්‍රීසි පෙන්නන්නේ කොටු කොටු දාල දාල . ඇත එක එච්චර ලොකු දෙයක් නෙවෙයි ඔයාලම දාල අව්ලක් තියනවානම් කියන්නකෝ


මේකේ දකුණු පෙත්තෙන් තියෙන්නේ iskoolapotha font එක වම වෙත්තෙන් තියන්නේ අපේ අලුත් font එක 







Sunday, April 20, 2014

A/L Mathematics, Physics, Chemestry Past Papers Part 2


2001 වර්ෂය



 2002 වර්ෂය  


 2003 වර්ෂය


*Chemistry
 2004 වර්ෂය

Combined Mathematics

Chemistry 


2005 වර්ෂය 

Combined Mathematics

  Chemistry


 2007 වර්ෂය

Chemistry


 Physics I , II


2008 වර්ෂය

  Physics I , II

Combined Mathematics



 2009 වර්ෂය


2010 වර්ෂය




 2011 වර්ෂය



2013 වර්ෂය


ඉතින් අමතක කරන්න එපා අපේ facebook page එකට like කරන්න ...

අපේ facebook page එක 
 
www.facebook.com/ndroidz


NilupulDroidz.blogspot.com
--------------------------------
NDroidz