Thursday, August 21, 2014

Android phone එකෙන් Subtitle හදමු




යාලුවනේ ඔන්න අදත් මම  පොඩි වැඩ කෑල්ලක් අරගෙන අවා . අද මම කියල දෙන්න යන්නේ  උපසිරස කොහොමද අපේ phone එකෙන්ම හදා ගන්නේ කියල. මේක ලේසි වැඩක්. හැබැයි ඉතින් හොද ඉවසීමක් තියන්න ඕනි මොකද උපසිරස හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි .  ඒ වුනාට කරන්න ඕනි දේ හරිම සරලයි මෙන්න එහෙනම් දැනගන්නකෝ මේ ක්‍රමය.

·         මුලින්ම ඔයාලට ES Explorer  එක play store  එකෙන් Download කරලා install කරගන්න.



·         දැන් මේ install කරපු  ES Explorer එක open කරන්න.

·         ඊළගට new text file එකක් පහල තියන විදියට ගිහින් හදන්න.
          New > File > Text



·         දැන් ඔයාලට එකේ type කරන්න පුළුවන් විදියට එනවා.
·        
එකේ මෙන්න මේ විදියට ඉස්සල්ලම type කරන්න

  1
   00:01:20,817 --> 00:01:34,042




  •    මෙහි ඔබට උපසිරස ආරම්භ විය යුතු ස්ථානය මුලින්මත්(00:01:20)  අවසන් විය යුතු ස්ථානය දෙවනුවත් (00:01:34) යෙදිය යුතුයි
  •    එසේ යෙදීමේදී පිලිවෙලින් පැය:මිනිත්තු:තත්පර ,මිනිතත්පර  ලෙස සටහන් විය යුතුය.
  •    කාල ප්‍රාන්තරය අතර ඇති --> ලකුණ අනිවාර්යෙන්ම තිබිය යුතුය
·         උපසිරස ගැන්වීමේදී අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙන code කිහිපයක් පහත දැක්වෙනවා
·          
·         උපසිරස යන විට එහි පාට වෙනස් කිරීමට පහල තියන code එකෙන් පුළුවන්

  <font color=" අකුරු වල පාට"></font>

·         අකුරු වල ප්‍රමාණය වෙනස් කරන්න ඕනිනම්

    <font size=අකුරු වල ප්‍රමාණය>උපසිරස ගැන්විය යුතු කොටස</font>  

·         අකුරු bold කරන්න අවශ්‍යනම්

   <b> උපසිරස ගැන්විය යුතු කොටස </b>

·         අකුරු Italink කිරීමට අවශ්‍යනම්

  <i> උපසිරස ගැන්විය යුතු කොටස</i>


·         මෙලෙස ඊලග  කාල පරිච්චේදය තුල උපසිරස ගැන වීමේදී  2 යොදා ආරම්භ කලයුතුයි. පහත තියන උපසිරස ගෙන්වූ කොටසින් යාලුවන්ට මම කියපු දේ තේරුම් ගන්න ලේසි වෙයි කියල මම හිතනවා.



·       
  අන්තිමටම අපි හදපු එක save කරන්න ඕනි එකෙට පහල තියන විදියට කරන්න .
·         save කරන නමට ඔයාට subtitle දාන්න ඕනි වීඩියෝවේ නමම යොදා අවසානයට .srt ලෙස save කරන්න






හරි එහෙනම් ඔන්න ඔයාලගේ android phone එක යොදාගෙන උපසිරස ගන්වන ඔයාලටත් දැන් පුළුවන්

අපේ බ්ලොග් අඩවියේ අලුත්ම තොරතුරු දැන ගන්න අපේ facebook page එකට like කරන්න


ඔබගේ ගැටළු අපවෙත ඉදිර්රිපත් කරන්න අපගේ e-mail ලිපිනය


No comments: